මීගමුව බන්ධනාගාරයේ ඇති වූ හදිසි තත්ත්වය අතරතුර රාජකාරියේ නිරතව සිටියදී දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන් අගයමින් ඔවුන්ගේ ඥාතීන් සහ දූ දරුවන් වෙත උපහාර පුදකිරීම සහ වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථාන ශ්රවණාගාරයේදී සිදු කෙරිණි.
ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ‘අග්රහාර’ රක්ෂණ ක්රමය යටතේ හදිසි අනතුරු සහ මරණ වන්දි ප්රතිලාභ ලෙස මෙම මුදල් ලබා දුන් අතර, මියගිය එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දි මුදලක් බැගින් පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ප්රසාද් හේමන්ත මහතා සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්රධාන විධායක නිලධාරී යුශාන් තරංග මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














