ඩේලි මේල් (Daily Mail) පුවත්පතේ ප්‍රකාශකයන් වන ANL (Associated Newspapers Ltd) සමාගමට එරෙහිව පවරා තිබූ පෞද්ගලිකත්වයට හානි කිරීමේ නඩුවේදී ලද පරාජයත් සමඟ, හැරී කුමරු (Prince Harry) ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් හත්දෙනෙකුට අගෝස්තු 28 වනදාට පෙර බ්‍රිතාන්‍ය පවුම් මිලියන 9.54 ක මූලික නීතිමය ගාස්තු ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
තම පෞද්ගලික තොරතුරු නීතිවිරෝධී ලෙස ලබාගත් බවට චෝදනා කරමින් ANL මාධ්‍ය සමාගමට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන තිබුණ ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකාර මාධ්‍ය සමාගමට සිදුවූ නීතිමය පිරිවැය ආවරණය කිරීම සඳහා අදාළ මුදල ගෙවන ලෙස පැමිණිලිකාර පාර්ශ්වයට නියෝග කර ඇත.













