දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් ප්‍රථමයෙන් ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සපයන අසත්‍ය දත්ත මත පදනම්ව ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමෙන් පවුල්වල මන්දපෝෂණය තවත් ඉහළ යන බවත්, රුපියල් 17,315 කින් දින 30 ක් ජීවත් විය හැකි බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බවත් ඔහු චෝදනා කළේය.
කිරින්ද වරායේ ධීවරයන්ගේ රක්ෂා අහිමි වීම සහ ඊශ්‍රායල් රැකියා සඳහා රජයේ වැඩපිළිවෙළ අකර්මණ්‍ය වීම නිසා පෞද්ගලික ඒජන්සිවලට ලක්ෂ 30-40 දක්වා මුදල් ගෙවීමට තරුණයන්ට සිදුවීමෙන් මහජන ජීවිත තවත් අඩපණ වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 137 ක් වැය වන බැවින් ගොවීන් ආරක්ෂා වන ස්ථාවර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, අම්බලන්තොට මහවැලි ව්‍යාපාරයේ අක්කර ගණනාවක් ගංවතුරට ලක්වීම වැළැක්වීමට වහා මැදිහත් වන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.














