මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසලදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයමින් සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අනතුර සිදුකර ස්ථානයෙන් පලාගොස් තිබූ කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් දෙදෙනා අද (ජූනි 06) උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
















