27 April 2024
#සංවර්ධන

මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කෙරේ

කොරෝනා රෝගින් වෙනුවෙන් මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ඉදිකල කොවීඩ් රෝහල සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප්‍රදීප් උඳුගොඩ මහතා සහ කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) විවෘත කෙරිණි.

නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ලැබුණු රුපියල් මිලියන 15 ක මුදලින් මෙම නව රෝහල ඉදි කිරීම ආරම්භ කර ඇති අතර ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා විසින් ඇඳන් 10 000 සංකල්පය” යටතේ රෝහල් වාට්ටු සංකීර්ණයට ඇඳන් 500 ක් පිරිනමා ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් දිසාපති ප්‍රදීප් යසරත්න මහතා විසින් මෙට්ට 500 ක් පරිත්‍යාග කර ඇත. ඒ අතර කොළඹ ටොරින්ටන් පරිශ්‍රයේ “ඇවිදින සංගමයේ” ව්‍යාපාරික ප්‍රජාව විසින් ඇඳ ඇතිරිලි කොට්ට සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කර ඇති අතර මෙම රෝහලේ කොවිඩ් රෝගීන් 500 දෙනෙකුට නේවාසිකව ප්‍රථිකාර ලබා ගත හැක.

දිගු කලක් වැඩ අවසන් නොවී තිබුණු මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් කමිටුවේ සභාපති විශේඥ වෛද්‍ය අන්ද්‍රානි මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරී මහත්ම මහත්මීන් මෙන්ම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු යුධ හමුදා නිළධාරින් දැඩි වෙහෙසක් දරා ඇත.

මෙම රෝහල් පරිශ්‍රයේ වෛද්‍යවරුන්ගේ විවේකාගාරය, හෙදියන්ගේ විවේකාගාරය මෙන්ම සුළු සේවක විවේකාගාරය සෑදීම සඳහා රුපියල් ලක්ෂ 8ක් පමණ වැය වී ඇති අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්ද්‍රගුප්ත මහතාගේ මැදිහත් වීම මත පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් මැදිහත් වී ඇති අතර කොළඹ රොටරි සමාජයේ සභාපති අරුණ ආර්. මලලසේකර මහතා හා වෛද්‍ය තුෂාර මහතා මෙන්ම කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිළධාරී ධම්මික මහතා ඇතුළු කාර්‍යය මණ්ඩලය ද මෙම රෝහල ඉදි කිරීම වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වා ඇත.

කොළඹ ජාතික රෝහලේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය මත මෙහි සියළු කාර්යන් සිදුවන අතර මෙම ව්‍යාපෘතිය වෛද්‍ය තුෂාර මැටිවලගේ මහතා හා නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් මෙන්ම කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතාගේ නිරික්ෂණය හා පූර්ණ අධික්ෂණය යටතේ සිදු කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *