27 April 2024
#දේශීය

කොවිඩ් ව්‍යවසනයෙන් ගැලවෙන්න සාධනීය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මන්ත්‍රී සාගර කියයි

අද මේ වන විට රටක් හැටියට කොවිඩ් ව්‍යසනයෙන් ගැලවෙන්න ඕන සාධනීය ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පොදු ජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ එන්නත්කරණයෙන් ලෝකයේ බොහෝ දියුණු රටවල් වලට වඩා අපේ රට ඉදිරියෙන් සිටින බවයි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ “පහුගිය දවස්වල අපේ රටේ ඉන්න හැමදේම ඝෘණාත්මකව හිතන යම්කිසි විදේශ විශේෂඥ පිරිසක් විසින් නිකුත් කරපු වාර්තාවක් ලෙස දක්වලා තිබුණා සැප්තැම්බර් මාසය අවසානය වන විට මේ කොවිඩ් වසංගතය නිසා ලංකාව ව්‍යසනකාරි තත්වයකට පත්වෙනවා කියලා. දිනකට මරණ ප්‍රමාණය 350 සිට 500 දක්වා යෑමට පුළුවන් සහ ජිවිත අහිමි කර ගන්නා යම්කිසි මතයක් ඔවුන් විසින් ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි සියලු විශේෂඥ මතවලට එරෙහිව ගිහින් අපිට ලංකාවේ තත්වය සාධනිය තත්වයකට පත් කර ගන්න හැකියාව ලැබි තිබෙනවා. සෞඛ්‍ය අංශයට හා ත්‍රිවිධ හමුදාවට අපේ ස්තූතිය පුද කරන්න ඕන. නැවතතත් විවිධ බලවේග විවිධාකාරයෙන් විවිධ අයිතිවාසිකම් නාමයෙන් ඇවිල්ලා නැවත රටපුරා උද්ඝෝෂණ රැලි ඇති කරමින් මේ රටේ නැවතත් කොවිඩ් රැල්ලක් ඇති කරන්න උත්සහ කරනවා. ඔබ මේ රටේ අනාගතයට ආදාරය කරන කෙනෙක් නම් මේ එවැනි දේට අවස්ථාව නොවේ.මේ කොවිඩ් ව්‍යසනය තුරන් කරලා අපි මේ රට ඉදිරියට ගෙනියමු.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *