ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින ලබාදුන් ආන්දෝලනාත්මක තීන්දුවක් ප්‍රසිද්ධියේ අගය කිරීමට ඇමෙරිකාවේ First Lady වන මෙලානියා ට්‍රම්ප් (Melania Trump) කටයුතු කර තිබේ. බටහිර වර්ජිනියා (West Virginia) ප්‍රාන්තය විසින් සංක්‍රාන්ති ලිංගික (Transgender) ක්‍රීඩිකාවන්ට කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීම සීමා කරමින් පනවා තිබූ නීතියක් නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහිදී තීන්දු කර තිබුණි.
ප්‍රතිපත්තිමය හෝ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ඉතා කලාතුරකින් අදහස් දක්වන මෙලානියා ට්‍රම්ප්, මෙම තීන්දුව අගය කර ඇත්තේ ලිංගික සුළුතර (Queer) අයිතිවාසිකම්වලට ද හානියක් නොවන සුවිශේෂී රාමුවක් තුළය. ඇය සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාවට එල්.ජී.බී.ටී.කියු (LGBTQIA+) ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට සහයෝගය දෙන ගමන්ම, ජීව විද්‍යාත්මක කාන්තා ක්‍රීඩිකාවන්ගේ අවස්ථාවන් ද ආරක්ෂා කළ හැකි බවයි. “සෑම කෙනෙකුටම ගරු කරන්න, එමෙන්ම කාන්තා ක්‍රීඩාවල සාධාරණත්වය ද රැකගන්න. මේ අදහස් දෙකම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඇය පවසා තිබේ.
මෙලානියා ට්‍රම්ප්ගේ මෙම ස්ථාවරය වෙනස්ම මුහුණුවරක් ගන්නේ, මීට පෙර 2020 වසරේදී ධවල මන්දිරය (White House) ‘ප්‍රයිඩ් මාසය’ (Pride Month) වෙනුවෙන් දේදුන්නක වර්ණවලින් ආලෝකමත් කිරීමට ඇය ගත් උත්සාහයක් එවකට පරිපාලනය විසින් වළක්වා තිබූ බවට වාර්තා වී තිබූ පසුබිමකය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














