‘දිට්වා’ ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මැල්සිරිපුර–කුඹුක්වැව මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 175.8ක ඇස්තමේන්තුගත මුදලක් යටතේ ආරම්භ කර ඇත. කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු සිදු කෙරුණු අතර, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව බලධාරීහු සඳහන් කරති.
මාර්ගය හානියට පත්වීම හේතුවෙන් මැල්සිරිපුර සහ කුඹුක්වැව අතර ගමන් කරන ජනතාවගේ දෛනික ගමනාගමනය මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනයද දැඩි ලෙස අඩාල වී තිබිණි. ‘දිට්වා’ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ආයෝජනය හරහා ජනතාවගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආරක්ෂිත ගමනාගමන පහසුකම් යළි ස්ථාපිත කිරීම අරමුණු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නියමිත කාලසීමාව තුළ උසස් ප්‍රමිතියකින් යුතුව ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිත අතර, මෙම අවස්ථාව සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිලිප් චන්ද්‍රසේකර මහතා ඇතුළු ප්‍රදේශවාසී පිරිසක්ද එක්ව සිටියහ. මාර්ගය යළි ප්‍රතිසංස්කරණය වීමත් සමඟ ප්‍රදේශයේ ප්‍රවාහන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවට ප්‍රදේශවාසීහු අපේක්ෂා පළ කරති.














