කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. මීට අමතරව අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.
මේ අතර, දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අමතර අවධානයක් යොමු කරමින් පවසා ඇත්තේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇති විය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















