නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිවේදනය කළේය. මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි මෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින්, අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














