• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළි කුණාටුවක් ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

1 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බවයි.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කරමින් මඩකලපුව සහ මුලතිව් අතරින් වෙත දෙසැම්බර් මස 02 වැනි බදාදා දින සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශට ඇතුලු වනු ඇති බව තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ.

මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 – 100 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.

මේ හේතුවෙන් කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේම දැනට මෙම ප්‍රදේශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන හෝ ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දෙයි.

එසේම දෙසැම්බර් දෙවැනි දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනයේ සදහන් කර ඇත.

මඩකලපුව සිට මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 02 සිට මීටර් 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ඒ අනුව දෙසැම්බර් 01 දින උතුරු, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත් වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි අතර දෙසැම්බර් දෙවැනි සහ තුන්වන දිනයන් හි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය පැයට කිලෝටීමර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වලට මිලිමිටර් 150 ඉක්ව වු වැසි බලාපොරෝත්තු විය හැකි බවත් සෙසු පළාත් වලද තද වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Post Views: 2
Previous Post

මෙරට කොවිඩ් මරණ 118 දක්වා ඉහළට

Next Post

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

editor

editor

Next Post

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved