මෙක්සිකෝ ආර්ථික අමාත්‍ය මාසෙලෝ එබ්‍රාඩ් (Marcelo Ebrard) සිය වැඩිමහල් පුත්‍රයාව එක්සත් රාජධානියේ පිහිටි එරට තානාපති නිල නිවසේ නවාතැන් ගැන්වීම හරහා නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීම සඳහා රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝම් ඊයේ (අප්‍රේල් 23) ප්‍රකාශ කළාය.
මාසෙලෝ එබ්‍රාඩ් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2021 සහ 2022 වසරවලදී, ඔහුගේ පුත්‍රයා අධ්‍යාපන කටයුතු සඳහා ලන්ඩන් නුවර සිටියදී මාස හයක කාලයක් මෙක්සිකානු තානාපති නිල නිවසේ පදිංචිව සිටි බව පිළිගෙන තිබේ. එහිදී ඔහු වෙනුවෙන් සේවකයන්, රූපවාහිනී සේවාවන් සහ පවිත්‍රතා කාර්ය මණ්ඩල පහසුකම් පවා ලැබී තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ සඳහා රජයේ මුදල් අවභාවිත කර නොමැති බවත්, මෙය පියෙකු ලෙස තම පුත්‍රයා කෙරෙහි දැක්වූ සැලකිල්ලක් පමණක් බවත් අමාත්‍යවරයා පවසයි.
දූෂණ විරෝධී සහ යහපාලන අමාත්‍යංශය වෙත ඉදිරිපත් වූ පැමිණිලි මත මෙම පරීක්ෂණය ස්වයංක්‍රීයවම ආරම්භ වූ බව ජනාධිපතිනිය සඳහන් කළාය. අමෙරිකාව සහ කැනඩාව සමඟ පවතින තීරණාත්මක වෙළඳ ගිවිසුම් සාකච්ඡා සඳහා මෙක්සිකෝව වෙනුවෙන් නායකත්වය දෙන්නේ එබ්‍රාඩ් අමාත්‍යවරයා බැවින්, මෙම පරීක්ෂණය ජනාධිපතිනිය සහ අමාත්‍යවරයා අතර යම් දේශපාලන නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.














