ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (MIA) Boeing 767 මාදිලියේ ගුවන්යානයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් අනතුරක් සිදුව තිබේ. ’21 Air’ සමාගම විසින් මෙහෙයවන ලද මෙම යානය, ගුවන්තොටුපළේ ‘Runway 30’ ධාවන පථය මතදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, ඉන් අනතුරුව යානයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධියත් සමගම වහා ක්‍රියාත්මක වූ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ ගිනි නිවීමේ සේවා අනතුර සිදුවූ ස්ථානයට ළඟාවී ගින්න පාලනය කිරීමටත්, සහන සැලසීමටත් කටයුතු කරමින් සිටියි.
මෙම අනතුරින් සිදුවූ දේපළ හානි හෝ පුද්ගල තුවාල ලැබීම් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු තහවුරු වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකානු ගුවන් සේවා බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


















