මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 20%කින් පමණ පහත වැටී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. යුරෝපීය සංචාරකයන් මෙරටට පැමිණීමේදී ප්‍රධාන වශයෙන් භාවිත කරන එමිරේට්ස් සහ කටාර් වැනි ගුවන් සේවාවල ගමන් මඟට මැදපෙරදිග ගැටුම් නිසා බාධා එල්ල වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2025 වසරට සාපේක්ෂව 2026 මාර්තු මාසයේදී මෙම අඩුවීම කැපී පෙනෙන ලෙස දක්නට ලැබුණු බවයි. සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් 19 වැනිදා වන විට මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 88,000ක් පමණි. අප්‍රේල් මාසය අවසාන වන විට මෙම සංඛ්‍යාව 120,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, එය 2025 අප්‍රේල් මාසයේ වාර්තා වූ 174,000ක පැමිණීමට වඩා බෙහෙවින් අඩු අගයකි.
සංචාරක පැමිණීමේ මෙවැනි පසුබෑමක් පැවතියද, පවතින අභියෝග මධ්‍යයේ සංචාරක කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද මහාචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














