ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් එළියට ආපු විශේෂ පුවතක් නිසා මේ වන විට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව අතර ලොකු අවධානයක් නිර්මාණය වී තිබෙනවා. දහස් සංඛ්‍යාත සිසුන්ගේ අනාගතයට සෘජුවම බලපාන මෙම ආයතනය අලුත්ම මුහුණුවරකින් වෙනස් කිරීමට බලධාරීන් සූදානම් වන බවයි වාර්තා වන්නේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් රැස්වී මෙම අතිදැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්ව සිටියා.
මෙම අලුත් වෙනස සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් හටගෙන තිබුණා. එහිදී අනාවරණය වූයේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත විශේෂ සම්බන්ධීකරණ කණ්ඩායමක් සහ මෙහෙයුම් කමිටුවක් හරහා රට පුරා ඇති SLIATE ආයතන නිරීක්ෂණය කරමින් විශාල පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
මේ පුවතත් සමඟින් සමාජ මාධ්‍ය තුළ සහ සිසුන් අතර නොඉවසිලිමත් බවක් හටගෙන තිබෙනවා. විශේෂයෙන්ම මහජනතාවගෙන් සහ වෘත්තීය ආයතනවලින් ලබාගන්නා අදහස් මත පදනම්ව සිදු වන මෙම වෙනස, තාක්ෂණික අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට කෙතරම් දුරට බලපාාවිදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.
කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සහ වාණිජ මණ්ඩල සමඟ ද සාකච්ඡා කරමින්, නියමිත කාලසටහනට අනුව මෙම පර්යේෂණයේ ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට අනුකාරක සභාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.
පාර්ලිමේන්තුවෙන් ක්‍රියාත්මක වන මෙම අලුත් ප්‍රතිසංස්කරණ හමුවේ SLIATE ආයතනයේ අනාගතය සහ සිසුන්ගේ අධ්‍යාපන සිහින කෙතරම් දුරට වෙනස් වේවිද? ඔබේ අදහසත් අපට කියන්න.














