මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් තවදුරටත් උග්‍ර අතට හැරෙමින් තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ඉරානය විසින් දියත් කරන ලද ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් (04) වෙඩි තබා බිම දැමීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන වෙරළබඩ රේඩාර් ස්ථාන කිහිපයකට ද ඇමරිකාව ප්‍රහාර එල්ල කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම විධානය (CENTCOM) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම ඩ්‍රෝන යානා කලාපීය සමුද්‍ර ගමනාගමනයට සහ නාවික සැරිසැරීමට ක්ෂණික තර්ජනයක් එල්ල කළ බවයි. ඒ අනුව, සිය ආරක්ෂාව සහ නාවික නිදහස තහවුරු කිරීමේ අරමුණින් ගොරුක් (Goruk) නගරයේ සහ කෙෂ්ම් (Qeshm) දූපතේ පිහිටි ඉරාන වෙරළබඩ නිරීක්ෂණ රේඩාර් ස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර දියත් කර ඇති බව ඇමරිකානු හමුදාව වැඩිදුරටත් පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ සිට පවතින සටන් විරාම ගිවිසුම ද මෙම නවතම ගැටුම් හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳපොළට ද බලපෑම් එල්ල වෙමින් පවතී.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකානු හමුදා දැඩි අවධානයෙන් පසුවන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි ඕනෑම අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියාවකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් එම විධානය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ඉරානය හෝ වෙනත් පාර්ශ්ව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැති අතර, කලාපයේ පවතින යුදමය තත්ත්වය පිළිබඳව ලෝක අවධානය යොමුව තිබේ.
















