ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2026 ජුනි මස 03 වැනි දින මීගමුව, කට්ටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 477කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මගින් සිදු කළ මෙම මෙහෙයුමේදී, කට්ටුව ප්‍රදේශයේ යාත්‍රාවක තිබී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී, එම යාත්‍රාව තුළ උර (03) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 477කට අධික තොගය සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33ක් සහ 36ක් වන මීගමුව, සෙත්තප්පඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුවාපිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
















