මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ දැයි ප්‍රකාශ කිරීමට පිළිගත හැකි මූලාශ්‍ර නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මිහිඳු හාමුදුරුවෝ නමින් කෙනෙකු සිටින්නට ඇති නමුත් උන්වහන්සේ පැමිණි ආකාරය සහ අශෝක රජු සමඟ ඇති නෑකම පිළිබඳව ලංකාවේ මහාවංශයේ පමණක් විස්තර තිබුණද, ඉන්දියාවේ ඒ ගැන මූලාශ්‍ර නොමැති බවයි. සමහර විට එවැනි සම්බන්ධතා තිබෙන්නට පුළුවන් වුවද, ඓතිහාසික වශයෙන් නිශ්චිතවම කිව හැක්කේ තමා ඒ පිළිබඳව නොදන්නා බව පමණක් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















