මිහින්තලේ, රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියේ දොරමඩලාව ප්‍රාදේශික සමුපකාර ඡන්ද විමසීමෙන් ආණ්ඩුව පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත. ඊයේ (22) දින මහකනදරාව යාය 02 පාසලේදී පැවැති මෙම ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩු පක්ෂය හතරට එකක් ලෙස පරාජයට පත්කර තිබේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයග්‍රාහී අපේක්ෂකයින් සඳහන් කළේ, ඡන්දය ලබා නොදුනහොත් පාරවල් සාදා නොදෙන බවට මාලිමාව ගමේ ජනතාවට තර්ජනය කර තිබූ බවයි. එලෙස තර්ජන එල්ල වුවද බිම් මට්ටමේ ජනතාවගේ සැබෑ මතය මෙම සමුපකාර ප්‍රාදේශික ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළ බව ඔවුන් පෙන්වා දුන්නේය. “අපිට මේ ආණ්ඩුවට කියන්න තියෙන්නෙ බිම් මට්ටමේ දැන් තියෙන මතය තමයි මේ අද තියෙන ප්‍රාදේශිකය තුළින් පෙනෙන්නේ. සමූපකාර ප්‍රාදේශිකයක්වත් දිනාගන්න බැරි තත්ත්වයට දැන් ආණ්ඩුව වැටිලා තියෙනවා,” යනුවෙන්ද ජයග්‍රාහී අපේක්ෂකයින් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියහ.
















