27 April 2024
#සංවර්ධන

ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගන්නවා – ඇමැති රමේෂ්

ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ආරම්භ කොට තිබෙන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිධිය පිහිටා තිබෙන පුල්මුඩේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමිනි.

එම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදී පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතන පරිශ්‍රය එහි පරික්ෂණාගාරය, කෝකිලායි යන්ත්‍රාගාරය නිරීක්ෂණයට ලක්කළ අතර සමස්ථ කාර්ය මණ්ඩල හමුවක් මාණ්ඩලික නිළධාරින් සමග කාර්ය සාධන සාකච්ඡාවක් සහ වෘත්තීය සමිති සාමාජිකයන් හමුවක්ද සිදුකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඛනිජ වැලි සදහා අගයදාම එකතුකිරීම් තුළින් එහි නියම වටිනාකම ඉහළ අපනයන ආදායමක් ලෙසින් අපේ රටට විධිමත්ව අත්කර දෙන බවයි.

මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකා අවස්ථාවට ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි සභාපති වෛද්‍ය උදේනි දසනායක ඇතුළු එහි කාර්ය මණ්ඩලය සහ අමාත්‍යංශ නිළධාරින් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *