27 April 2024
#දේශීය

නාගරික සංවර්ධන අධිකාරියේ සේවක සේවිකාවන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

නාගරික සංවර්ධන අධිකාරියේ සේවක සේවිකාවන්ගේ දූ දරුවන් 122 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින එම ආයතන පරිශ්‍රයේදීය.

2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ සමත් වු දූ දරුවන් සදහා එක් අයෙකුට රුපියල් 10,000 ක් බැගින් මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදි.

නාගරික සංවර්ධන අධිකාරියේ සුබසාධක සංගමය විසින් මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සුබ සාධක සංගමයේ සභාපති දිමුතු කුමාර, ලේකම් නවීන් සුමිත්ආරච්චි යන මහත්වරුන් ඇතුළු එහි නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *