ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ නාවිකයන් බිහිකිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද අතිනවීන අනුකරණ මධ්‍යස්ථානය (Simulation Centre) අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරිණි.
නාවික ක්ෂේත්‍රයේ උපාධිධාරීන් පුහුණු කරන දක්ෂිණ සමුද්‍රීය පුහුණු ආයතනයේ (Southern Maritime Training Institute) නවීකරණ කටයුත්තක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කර ඇත. මෙය අංශක 360 ක පූර්ණ නාවික මෙහෙයුම් මැදිරියකින් (Full Mission Bridge Simulator), එංජින් කාමරයකින් සහ අධිවෝල්ටීයතා මැදිරියකින් සමන්විතය.
මෙම අතිනවීන තාක්ෂණය භාවිතයෙන් නාවික ක්ෂේත්‍රයේ සිසුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙවැනි පහසුකම් බෙහෙවින් ඉවහල් වනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.














