සිය ධූර කාලයේ පළමු සංවත්සරය නිමිත්තෙන් ඉතාලියේ පොම්පෙයි නුවරදී පැවැති විශේෂ දේව මෙහෙයකට සහභාගී වූ ලියෝ පාප්වහන්සේ, ලොව පුරා පවතින උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමට ලෝක නායකයන්ට ධෛර්යය සහ ප්‍රඥාව ලබාදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මහතා වතිකානුවේදී හමුවීමෙන් පසු උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදු කර ඇත. විශේෂයෙන්ම වර්තමාන ඉරාන යුද වාතාවරණය විවේචනය කිරීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාරෝපණයට ලක්ව සිටින පාප්වහන්සේ, ප්‍රචණ්ඩත්වයෙන් බැහැර වී සාමය උදා කිරීමට කටයුතු කරන ලෙස ලොව පුරා රජයන්ගෙන් සහ බැතිමතුන්ගෙන් මෙහිදී දැඩිව ඉල්ලා සිටියහ.














