27 April 2024
#දේශීය

ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් ඊයේ ( 24) සේන්දු වූ අතර, එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මීට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද (Vice Admiral Anil Kumar Chawla, Flag Officer Commander – in – Chief Southern Naval Command Indian Navy) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදී.

ඒ අනුව, කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලෙස කපිතාන් අෆ්තාබ් කාන් (Captain Aftab Khan) කටයුතු කරනු ලබයි. කොළඹ වරායට සේන්දු වූ SHARDUL නෞකාව දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 155ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් අනූප් ශර්මා (Commander Anoop Sharma) කටයුතු කරනු ලබන අතර, දිගින් මීටර 125ක් සහ නැව් මුළුව 156ක ගෙන් සමන්විත MAGAR නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් උපේන්ද්‍ර අග්ගාර්වාල් (Commander Upendra Aggarwal) කටයුතු කරනු ලබයි.

ඊයේ (24) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ SUJATA නෞකාව දිගින් මීටර 102ක් සහ නැව් මුළුව 139ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිජිත් එස් නායර් (Commander Sreejit S Nair) කටයුතු කරනු ලබයි.

එමෙන්ම ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයේ පුහුණු රුවල් නෞකා ද්විත්වය වන SUDARSHINI සහ TARANGINI නෞකා ද ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
SUDARSHINI පුහුණු රුවල් නෞකාව දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ශ්‍රිකාන්ත් වෙනුගෝපාල් (Commander Srikanth Venugopal) ද, දිගින් මීටර 54ක් සහ නැව් මුළුව 47ක ගෙන් සමන්විත TARANGINI පුහුණු රුවල් නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් යාටිෂ් බදුටියා (Commander Yatish Badoutiya) ද කටයුතු කරනු ලබයි. තවද, ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් VIKRAM පුහුණු නෞකාව දිගින් මීටර 98ක් සහ නැව් මුළුව 93ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරි ලෙස ආඥාපති උමේඩ් සිං (Commandant Umed Singh) කටයුතු කරනු ලබයි.

ඒ අනුව, මෙම පුහුණු බලඝණයට අයත් නෞකා කොළඹ දී සහ ත්‍රිකුණාමලය දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් මස 27 සහ 28 යන දිනයන්හී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එම බලඝණයට අයත් නාවික පුද්ගලයන් මෙරට රැදී සිටින කාලසීමාව තුලදී දිවයිනේ ප්‍රදේශ රැසක වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීම පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුළු සංකල්පය යටතේ සිදු කිරීමට නියමිතය.

තවද, කොළඹ දී සහ ත්‍රිකුණාමලය දී මෙම පුහුණු බලඝණය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වෙන සියළු පුහුණු අභ්‍යාස සහ අනෙකුත් කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇත.

 

 

01st Training Squadron of Indian Navy arrives in Colombo and Trincomalee for bilateral naval exercise

The training ships of the 01st Training Squadron of the Indian Navy arrived in Sri Lanka for a bilateral naval exercise today (24th October 2021). Accordingly, Indian Naval Ship (INS) ‘Shardul’ and ‘Magar’ arrived at the Colombo harbour whereas INS ‘Sujata’, ‘Sudarshini’, ‘Tarangini’ and Indian Coast Guard Ship (ICGS) ‘Vikram’ called at the port of Trincomalee. Sri Lanka Navy welcomed the visiting ships in compliance with naval traditions. In parallel, Flag Officer Commander – in – Chief Southern Naval Command Indian Navy, Vice Admiral Anil Kumar Chawla also arrived in Sri Lanka on an official visit.

 

Meanwhile, Captain Aftab Khan serves as the Senior Officer for the 01st Training Squadron of Indian Navy arrived in Sri Lanka. Commanded by Commander Anoop Sharma, ‘Shardul’ that made her port call in Colombo is 125m in length and has a crew of 155. The 125m long ‘Magar’ is commanded by Commander Upendra Aggarwal and she is manned by 156 crew members.

Arrived in Trincomalee with 139 members of the ship’s complement, ‘Sujata’ is 102m in length and she is commanded by Commander Sreejit S Nair. The sail training ships of the 01st Training Squadron of the Indian Navy ‘Sudarshini’ and ‘Tarangini’ are also among the ships that arrived in Trincomalee today. Commanded by Commander Srikanth Venugopal, ‘Sudarshini’ is 54m in length and has a crew of 47. Commanded by Commander Yatish Badoutiya, ‘Tarangini’ is quite similar to the size and crew of ‘Sudarshini’. Meanwhile, the 98m long training ship ICGS ‘Vikram’ with a crew of 93 is commanded by Commandant Umed Singh.

Further, the ships of the Training Squadron are scheduled to conduct bilateral naval exercises with the Sri Lanka Navy in Colombo and Trincomalee before they leave the island on 27th and 28th October. Besides, the crew members of the Indian Navy’s Training Squadron are expected to visit tourist attractions in Sri Lanka in conformity with the bio-bubble concept.

Sri Lanka Navy will conduct several training exercises with the visiting Training Squadron of the Indian Navy in Colombo and Trincomalee and these exercises will be held adhering to COVID-19 protocols in force to prevent possible transmission of the pandemic

Leave a comment

Your email address will not be published. Required fields are marked *