27 April 2024
#දේශීය

උසස්වීම් ලැබීම පොලිසියේ චිත්ත ධෛර්යය වැඩි කරන්න හේතු වෙනවා – ඇමැති සරත්

පොලිස් නිලධාරින් උසස්වීම් ලැබීම තුලින් පොලිසියේ චිත්ත ධෛර්යය වැඩි කරන්න හේතු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින්.

එහිදී අමාත්‍ය සරත් විරසේකර මහතා මෙසේ අදහස් පල කලේය “පොලිසිය 2014 ඉඳන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන්ට උසස්වීම් ලැබිලා තිබුණේ නැහැ. අතිගරු නාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා පුළුවන් තරම් ඉක්මනට මෙම අසහනය නවත්තන්න කියලා. අපිට හැකිවුණා සියලුම පුරප්පාඩු ගණනය කරලා 230ක්ට උසස්වීම් ලබා දෙන්න. ඊට අමතරව පොලීසිය ඇතුළේ ඉන්න උපාධි තිබෙන තව 46 දෙනෙක්ට පරීක්ෂණයක් තියලා සහකාර පොලිස් අධිකාරි තනතුරු ලබා දෙන්න. මෙවන් ප්‍රමාණයකට උසස්වීම් ලබාදීම තුළින් පොලිසියේ ඊට පහතින් ඉන්න තනතුරු වලටත් එය සමානුපාතිකව බලපානවා. අපිට සහකාර පොලිස් අධිකාරිවරුන් ගේ දැඩි හිගයක් තිබ්බා. සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක් ට පොලිස් ස්ථාන තුනක් තමයි අධීක්ෂණය කරන්න තියෙන්නේ. පැවති තත්වය හමුවේ සමහරු පොලිස් ස්ථාන අටක් නවයක් අධීක්ෂණය කරන්න වෙලා තිබ්බා. මෙසේ විශාල ප්‍රමාණයක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්වීම නිසා අපිට පොලිස් ස්ථාන 560 ඉතා හොඳින් අධික්ෂණය කරන්න පුළුවන්. ඒ තුළින් අපට පොලිසි වල තියන කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන්. මෙම උසස්වීම් ලැබීම පොලිසියේ චිත්ත ධෛර්යය වැඩි කරන්න හේතු වෙයි කියලා මම හිතනවා. යැයි අමාත්‍ය සරත් විරසේකර මහතා පැවසිය‍

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *