27 April 2024
#දේශීය

විෂයභාර අමාත්‍යවරයාම සමාජ මාධ්‍ය අවහිර කිරීම අනුමත නොකරයි – ඇමැති නාමල්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවහිර කිරීමේ ක්‍රියාවලිය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව ඩිජිටල් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම නිෂ්ඵල කාර්යයක් වන බව ය.

මේ අතර, VPN භාවිතා කරමින් තමන් ද සමාජ මාධ්‍ය වෙත පිවිසෙන බව ‌අමාත්‍යවරයා සිය ට්විටර් සටහන තුළ සඳහන් කර තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *