ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලුම සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 2026 වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචන හමුව අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 11 ක ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත්, දිළිඳුකම තුරන් කිරීමේ ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාමටත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සියලුම සංවර්ධන වැඩසටහන් නිසි අධීක්ෂණය යටතේ සහ රාජ්‍ය මූල්‍ය විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














