• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විග්නේශ්වරන්ට කෑගහන්න හදපු මන්ත්‍රීවරුන් නැවැත්තුවේ තමා බව ඇමැති ජොන්ස්ටන් කියයි

31 August 2020
in දේශීය

විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ පළවෙනි පාර්ලිමේන්තු කථාවෙදීම ජාතිවාද නැවත වරක් ඇවිස්සු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් තමා මහත් පරිශ්‍රමයක් දරා මන්ත්‍රීවරුන් ඔහුට විරුද්ධ වෙන එක නවත්ව ගත් බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) රඹේ වෙහෙරගල පුරාණ රජ මහා විහාරස්ථානයේ මැල්සිරිපුර විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන් එම විහාරස්ථානයේ අසූමහා ශ්‍රාවක පිලිම වහන්සේලා නිරාවරණය කිරීම සහ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ පළවෙනි පාර්ලිමේන්තු කථාවෙදීම ජාතිවාද නැවත වරක් ඇවිස්සුවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා අපේ මන්ත්‍රිවරුන් ඔහුට විරුද්ධ වෙන එක නවත්ව ගන්න. මම එහෙම නොකළා නම් එදා පාර්ලිමේන්තුවේ මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි මේ ප්‍රශ්නයට බුද්ධිමත්ව මුහුණ දෙමු. අපි ප්‍රබල ආණ්ඩුවක්. අපිට පාර්ලිමේන්වේ 2/3ක බහුතර බලයක් තියෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාව හදද්දි හිතුවේ නැහැ සමානුපාත ක්‍රමය අනුව 2/3 බලයක් කිසිම පක්ෂයකට අරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ රටේ ප්‍රගතිශීලී ජනතාව පෝස්ටර්, කටවුට්, බැනර්, රැස්වීම් වලින් තොරව බහුතර බලයක් සහිත ආණ්ඩුවක් හැදුවා. කොවිඩ් වසංගතය නිසා රට අකර්මන්‍ය වූ මොහොතක ඉතිහාසයේ තිබූ සාර්ථකම මැතිවරණය පැවැත්වීමට අපට හැකි වුණා. අපිට මේ රට හදන්න පුළුවන්. සෘජු තීන්දු තීරණ ගන්නා සරල නායකයෙක් අපිට සිටිනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙල දිහා බලද්දි ජනාධිපතිවරණයේදී අප ලබා දුන් ඡන්දය පිළිබදව අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේ දිනවල සිංහරාජය විනාශ කරමින් අළුතින් මාර්ගයක් තනනවා කියලා අපිට චෝදනා කරනවා. ජනාධිපතිතුමා සමග මම එම මාර්ගය නිරීක්ෂණයට ගියා. සිංහරාජ වනාන්තරයට කිසිදු විනාශයක් සිදු කර නැහැ. ඉවත් කර ඇති ගස් පවා ඉවත් කර ඇත්තේ පුද්ගලික ඉඩම් වලින් මිසක් සිංහරාජ වනාන්තරයෙන් නොවෙයි. අබලන්ව තිබූ මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා මිසක් අළුතින් මාර්ගයක් සිංහරාජ වනාන්තරය හරහා කපන්නේ නැහැ.

 

Post Views: 10
Previous Post

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂයට ස්ථීර කාර්යාලක් – අගමැතිගෙන් උපදෙස්

Next Post

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ පලාත් මාරු කරයි

editor

editor

Next Post

පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ පලාත් මාරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved