27 April 2024
#දේශීය

රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිගයක් නොතබන බව ඇමැති කෙහෙලිය කියයි

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 50% -60% අතර ප්‍රමාණයක් 2025 වසර වන විට රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ගෝලීය ව්‍යසනය මධ්‍යයේ කොතරම් අභියෝග, දුෂ්කරතා පැමිණියද රටෙහි ජනතාවට කිසිදු ඖෂධ හිගයක් නොතබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) ” සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල යටතේ “සැමට පානීය ජලය” ලබාදීමේ සංකල්පයෙන් ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ කන්දෙකුඹුර සිට ගල්වැටිකන්ද දක්වා ජලය බෙදාහැරීමේ නල පද්ධතිය වැඩිදියුණු කර නව ජල සම්බන්ධතාව ලබාදීමේ අවස්ථාවට එකතුවෙමිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 20 කි. සමස්ත ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 250 ක් වන අතර ජල නල පද්ධතිය දීර්ඝ කළ කළ දුර කිලෝමීටර් 4.5 කි

රට තුළ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව සිදු කෙරෙන බවත් ඒ අනුව රටට අවශ්‍ය ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ රැසක් නිෂ්පාදය කිරිමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසිය.

අනුරාධපුර ප්‍රදේශයේ ඖෂධ කර්මාන්ත ශාලා හතරක් ඉදිවෙන බවත් හොරණ කර්මාන්ත ශාලාවක වැඩ ආරම්භ කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

හොරණ කර්මාන්ත ශාලාව ඩොලර් බිලියන 15ක ආයෝජනයක් බවද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවන බවද හෙතෙම කීය

ඖෂධ නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්තශාලා මෙරට ආරම්භ කිරීම ආයෝජකයන්ට ලාභදායී වැඩපිළිවෙළක් බවත් එනිසා රට තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා උපරිම පහසුකම් සලසන බවත් සෞඛ්‍යය අමාත්‍යවරයා මෙහිදී කීය.

එහිදී මුලික කාලය අතිශය දුෂ්කර බවත් එම කාලය තුළ බැණුම් අසමින් විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවත් අනතුරුව උදාවන්නේ රටටත් ජනතාවටත් අතිශය ඵලදායි වකවානුවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

සෞඛ්‍ය අමාත්‍ය ජේෂ්ඨ උපදේශක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනපති කහගල සීලානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්.ආර්.බී.සමරකෝන්, එහි වැඩබලන සභාපති උපාලි උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *