27 April 2024
#දේශීය

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය මහින්ද කියයි

රටේ ඉදිරි ගමනට හේතුවන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින්ම ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 හම්බන්තොට පැවැති පරිසර වැඩ සටහනකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමේදී ඊට සහාය දැක්වු පාර්ශ්ව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කර සිටි නමුත් ආණ්ඩුව කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මුදල් දීලා ඡන්දය ගන්න කටයුතු නොකල බවයි.

20 වන සංශෝධනය තුනෙන් දෙකකට වඩා බහුතරයකින් සම්මත කර ගන්න හැකි වු බව හෙතෙම පැවසිය. ඒ අනුව දැන් අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථාවක් බවත් එය අපේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අප ඊට ඇතුළත් විය යුතු කාරණා පිළිබඳ දැනුම් දුන් බවත් ඒ නිසා මේ රටේ ඉදිරි ගමනට හේතුවන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින්ම රටට ඉදිරිපත් කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *