• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොර දුෂණ වැඩිම අම්පාර , අඩුම යාපනයේ බව ඇමැති මහින්ද කියයි

16 August 2018
in සංවර්ධන

පොහොර බෙදා හැරීමේ දී සිදුවන දූෂණ හා වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බවත්, වැඩිම දූෂණයක් සිදුවන්නේ අම්පාරේ දිස්ත්‍රික්කය තුළ බවත් රහස්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අතුරුගිරිය ජනඋදාන ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම එහිදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක් වු අමාත්‍යවරයා ” සහනාධාර වශයෙන් ගොවීන් වෙත පොහොර බෙදා දීමේ දී තවමත් අපේ රටේ විවිධ දූෂණ හා වංචා සිදුවෙනවා. මට මේ මෑතක දී මේ සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ලැබුනා. එම වාර්තාව අනුව අපේ රටේ පොහොර සම්බන්ධයෙන් කිසිදු වංචාවක් වාර්තා නොවන එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම අපේ රටේ පොහොර බෙදා හැරීමේ දී වැඩිම දූෂණ ප්‍රමානයක් සිදුවන දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයයි ඒ නිසා මම තීරණය කළා අම්පාරටත්, යාපනයටත් ගොස් මේ සම්බන්ධව පසුබිම් කතාව මොකක්ද කියළා සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්න”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ හා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. ඩබ්. වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Post Views: 8
Previous Post

ව්‍යාපාරිකයින් එක්ව ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරනවා – ඇමැති රිෂාඩ්

Next Post

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ – මන්ත්‍රී නලින් කියයි

editor

editor

Next Post

මහින්දගේ කරෙන් ගෝඨා ජනපති වෙන්න බැලුවේ - මන්ත්‍රී නලින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved