• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව ඉල්ලු සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙන්නේ ඇමැති මනුෂ කියයි

18 April 2024
in දේශීය, පුවත්
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිංහල – හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට ඊයේ (17) දින සහභාගී වූ අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේදී පැවසීය, “මීට අවුරුදු දෙකකට විතර කලින් ජනතාව පාරට බැහැලා කෑගහලා සිස්ටම් එකේ වෙනසක් ඉල්ලුවා. හැබැයි සමස්ථයක් විදිහට ජනතාව හිතපු දේ තමයි ක්‍රමයේ වෙනසක් ඇති කිරීම. හැබැයි එහිදී ජනතාව ඔලුගෙඩි වෙනස් කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වුනේ. ඒකට තමයි අපිට ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය කරලා තිබුනේ. කවුරු වෙනස් වුනත් වෙනස් නොවන වැඩපිළිවෙලක් සකස් කිරීමටයි අපට අවශ්‍ය වුනේ. පහුගිය අවුරුදු දෙකක කාලය තුලදී අපේ අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙල නිවැරදිව ඉටු කළා. අපි විගමනික ප්‍රතිපත්තිය සකස් කළා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්තිය ගැන යලිත් අවධානය යොමුකරලා සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂිත වැඩ පරිසයරයක් ඇති කිරීමට අදාල ප්‍රතිපත්තිය හදුන්වා දුන්නා. කම්කරු නීතිය වෙනස් කරන්නත් අපි සමත් වුනා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනස් කරලා ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරන්නත් අපට හැකියාව ලැබුනා. ඒ වගේම ඩිජිටල්කරනය කරන්නත්, එමගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වගේම කම්කරු දෙපාර්තමේන්තුවත් ඩිජිටල්කරනය කරන්න අපිට හැකියාව ලැබුනා. සුද්දගේ කාලයේවත් හිතපු නැති සෑම ශ්‍රමිකයෙකුටම ගරුත්වයක් ලබාදෙන ගරුසරු වැඩසටහන දියත් කරන්නත් හැකියාව ලැබුනා. අපිට ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අවශ්‍ය වන මූලිකම කාරණය වන ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබුනා. ඒකට අමාත්‍යාංශයේ සියලුදෙනා කැපවී කටයුතු කළා. මේක තමයි සැබෑ අරගලය. ඒ කියන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට රාජ්‍ය සේවකයින් සියලුදෙනා එකට එකතුවෙලා මහන්සිවෙලා වැඩකරන එක තමයි අරගලය කියන්නේ. වැඩකරලා රට ගොඩනැගීම තමයි සැබෑ අරගලය වෙන්නේ. අවුරුදු ගානක් කරන්න බැරිවුන දේවල් මේ වසර දෙක තුල කරන්න අපිට හැකියාව ලැබුනා යැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,610
Previous Post

HUTCH සහ Nations Trust බැංකුව සමඟ සන්ධානගත වෙයි

Next Post

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ .. ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved