• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට මූලික රෝහල්වල අඩුපාඩු පිරවීමට මිලියන 31,000ක සිව් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් ඇමැති නලින්ද ජයතිස්ස

6 June 2026
in දේශීය, පුවත්
මෙරට මූලික රෝහල්වල අඩුපාඩු පිරවීමට මිලියන 31,000ක සිව් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් ඇමැති නලින්ද ජයතිස්ස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ස්ථාපිත මූලික රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කර රෝගී සත්කාරක සේවාවන් නැංවීම සඳහා ඉදිරි වසර හතර තුළ ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා රුපියල් මිලියන 31,000ක (කෝටි 3,100ක) දැවැන්ත මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. එහිදී රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, රුධිර කාන්දුකරණ ඒකකය ඇතුළු සියලුම අංශ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලුවලට එම අවස්ථාවේදීම කාලීන විසඳුම් ලබා දීමට පියවර ගත්තේය.
වැල්ලවාය රෝහල ‘B’ කාණ්ඩයේ මූලික රෝහලක් වුවද ඊට අදාළ මූලික පහසුකම් එහි නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සිව් අවුරුදු ව්‍යාපෘතිය යටතේ පළමුවෙන්ම රෝහල් කාණ්ඩ අනුව තිබිය යුතු මූලික පහසුකම් ඇති කිරීමට පියවර ගන්නා බව කීවේය. එසේම, බෝ නොවන රෝග වැළැක්වීමේ කාර්ය සාධන බලකායේ වැඩකටයුතු මීට වඩා විධිමත් ලෙස ප්‍රතිසංවිධානය කරන බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, මෙරට වකුගඩු ගල් සැත්කම් සඳහා පුද්ගලයන් 2,000ක පොරෝත්තු ලේඛනයක් (Waiting List) පවතින බව අනාවරණය වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්වේච්ඡා දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ මැදිහත්වීමෙන් මීරිගම මූලික රෝහලේදී මෙම මස 12 වැනිදා සිට එම සැත්කම් කඩිනමින් සිදුකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ද ප්‍රකාශ කළේය. ඉදිරියේදී මේ සඳහා වැල්ලවාය රෝහල ද භාවිතයට ගැනීමට ඇති හැකියාව සොයා බලන බව හෙතෙම කීය.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් කුමාර, චතුරි ගංගානි, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ වැල්ලවාය රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය මදාරා ගුණසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

Next Post

වසරක් තුළ රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසරක් තුළ රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වෙයි

වසරක් තුළ රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved