• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය හදිසියේ යයි

5 August 2021
in දේශීය

කොවිඩ් ආසාදිතයින් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, එම හේතුව නිසා රෝගීන් විවිධ ස්ථානවලට වී ප්‍රතිකාර ලබාගන්නා
බවත් පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දීමත් සමඟ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (04) පස්වරුවේ එහ නිරික්ෂණය කිරීමට ගියේය.

නිරීක්ෂණයෙන් පසු අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරිය – “රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධයෙන් සොයා බැලිමට මමත්, සෞඛ්‍ය ලේකම්තුමත්, සෞඛ්‍ය
සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් රෝහල් කිහිපයකටම යනවා. ඒ අනුව තමයි අද රාගම රෝහලට පැමිනියේ. කොවිඩ් ආසාදිතයින් රෝහලට රැගෙන ආ පසු පළමුවෙන්ම රෝගින් ඇතුලත් කරන වාට්ටුවක් තිබෙනවා. ඉන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පසු එම රෝගීන් යොමු කරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයට ද, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ද, සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ද, නැතිනම් නිවෙස් තුල ප්‍රතිකාර සේවා සදහා යොමු කරනවා ද යන්න තීරණය කරනු ලබනවා.”

“පසුගිය දවස්වල සාමාජ මාධ්‍ය ජාල තුල අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න වාට්ටු සියල්ල එක වගේ කියලා පෙන්වා දී තිබුනා. අද රෝහලේ
අධ්‍යක්ෂ තුමා සමග සාකච්ඡා කළේ රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා වෙන් කිරීමට සහ තවත් තදබදයක් තිබෙනවා නම් තවත්
වාට්ටු කිහිපයක් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම පිළීබදවයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, රාගම රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.ඒ
ලියනගේ රණවීර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

 

 

Post Views: 8
Previous Post

පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

Next Post

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු ගැන සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අගමැති සමග

editor

editor

Next Post

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු ගැන සාකච්ඡාවක් එරට නියෝජ්‍ය අගමැති සමග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved