• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑම අභියෝගයට සුදානම් බව රාජ්‍ය ඇමැති දුමින්ද

11 September 2020
in සංවර්ධන

සෞභාග්‍යයේ දැක්ම කරා රට යන ගමනේ මංපෙත් පුනර්ජනනීය බලශක්තියෙන් හෙළිපෙහෙළි කිරීමට ගතයුතු සියලු පියවර ගතයුතු බවත් ඒ වෙනුවෙන් ගතවන කාලය, වැයවන මුදල කොපමණ වුවත්, සියල්ල හමුවේ නොසැලී තීන්දු තීරණ ගැනීමට තමා පසුබට නොවන බවත් සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ අමාත්‍යංශයේදී 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට ගතයුතු පියවර සොයාබැලීමට පත්කළ දසපුද්ගල විද්වත් කමිටුව හමුවු අවස්ථාවේදීය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව දිසානායක මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජිකයින් පවසා සිටියේ පුනර්ජනනීය ප්‍රභවයන් නිරන්තරයෙන් ඒකාකාරී නොවන බැවින්, ඒ පිළිබදව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේම ලංකාව තුළ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන්, වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්ද යන්න පිළිබදවත් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවී ඇති බවත්, ඒ අනුව යමින් ඉදිරි සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට නම්, රාජ්‍ය අංශයට සමගාමීව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරිකයන් මෙන්ම ආයෝජකයින් දිරිගැන්විය හැකි ක්‍රමෝපාවන් පිළිබදව සොයා බලන ලෙසත් අමාත්‍ය දිසානායක මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, රාජ්‍ය ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගී වූහ.

 

Post Views: 10
Previous Post

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

Next Post

අභාවප්‍රාප්ත ආරුමුගම්ගේ අවසන් ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව අගමැති පවසයි

editor

editor

Next Post

අභාවප්‍රාප්ත ආරුමුගම්ගේ අවසන් ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව අගමැති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved