• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙන්නට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

7 April 2021
in දේශීය

නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබු බවත් එම බලාපොරොත්තු සුන් වන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මල්පුර ගම්මානයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලමින්, එම ගම්මානයට පානීය ජල නල එලීමේ කටයුතු සමාරම්භ කරමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” මේ නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබුණා,ඒ මොකද හැමදාමත් ආණ්ඩුවක් හදලා, පළාත් සභාවක් – ප්‍රාදේශීය සභාවක් හදලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවන මට්ටම ඉන්න තත්වයෙන් තවත් උසස් කර ගන්න එක,අද වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් ඒ තැනට මේ රට ගමන් කරවන්න ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.හැබැයි සමහර වෙලාවට ඡන්දය දුන්න අය නම් එච්චරම සතුටු නැතිව ඇති, ඒ මොකද කතිරය ගහපු ගමන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රථිපලය.කතිරය ගහපු ගමන්ම රස්සාවක් නැති කෙනා බලනවා රස්සාවක් ලැබෙයි කියලා, ලයිට් නැති කෙනා බලනවා ලයිට් ටික ලැබෙයි කියලා, වතුර නැති කෙනා බලනවා වතුර ටික ලැබෙයි කියලා, වැව හදාගන්න ඉන්න ගොවි සංවිධානය හිතනවා අපේ වැව තමයි ඉස්සරලාම හදන්නේ කියලා, ජනතාවගේ බලාපොරොත්තු එකක්වත් සුන් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.එකක්වත් නොකෙරෙන තැනට නෙමයි අපි ගෙනයන්නේ,මේ සියල්ලම කළ යුතු දේවල්.හැබැයි අපි මේ අවුරුදු 05 තුළ මේ වැඩසටහන් පෙළගස්සා ගත්තම මොකක්ද පළමුවැනියට කරන්නේ, මොකක්ද දෙවැනියට කරන්නේ කියලා ලැයිස්තුවක් හදා ගන්න වෙනවා.එහෙම නැතිව අපිට අවුරුදු 05 ම වැඩ පළමුවැනි අවුරුද්දේ කරන්න බෑ.පළමුවැනි මාස 06 කරන්න පුළුවන්කමක් නෑ,ඒ නිසා සියලුම අමාත්‍යංශ අද ජනතාවට අවශ්‍යය කරන,වැඩ ටික සංවර්ධනයන් ගමේ කර ගෙන යනවා.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, කොත්මල්පුර කොට්ඨාශ අපේක්ෂක එච්.එන් ජයසූරිය මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

මං හම්බ කරන්නේ මගේ වෘත්තියෙන් – චන්දිමාල් කියයි

Next Post

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා කැපවිය යුතුයි – ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා කැපවිය යුතුයි - ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved