• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවස්ථාවාදී දේශපාලනය නිසා ජනතාව තවමත් අවතැන් කඳවුරු වල බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

15 September 2020
in සංවර්ධන

අවස්ථාවාදී කුහක දේශපාලඥයින්ගේ මෙහෙයවීම නිසා මෙම ජනතාව තවමත් අවතැන් කදවුරු වල ජීවත්වීමට සිදුවෙලා තිබෙන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) යාපනය, චුන්නාකම් දකුණ, සභාපති පිල්ලෙයි ප්‍රදේශයේ නිවාස අහිමිවූවන්ගේ කදවුර නිරීක්ෂණය කිරීම සඳහා එක්වෙමිනි.

කදවුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම අවතැන් ජනතාව වෙනුවෙන් යාපනය තෙල්ලිපලෙයි මයිලඩි උතුර ප්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමේ අවස්ථාවටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී විය. මෙම කදවුර තුල පවුල් 56 ක් ජීවත්වන අතර දිස්ත්‍රික්කය පුරා කදවුරු කිහිපයක පවුල් 409 ක් ජීවත් වෙති.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන අමාත්‍යාංශය සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශය එකතුවෙලා අවුරුදු 30 කට වඩා පවතින අවතැන් කදවුරු විශාල ප්‍රමාණයක් 2015 වනතුරු පැවැති මහින්ද රාජපක්ෂ රජය යටතේ අවසන් කළා. බොහොම කුඩා කොටසක් ඉඩම් අත්පත් කරගෙන ජනතාවට ලබාදීමට තිබුනා. මේ පලාත්වල නියෝජනය කරන දේශපාලඥයින් එම ජනතාව ග්‍රහණයට අරගෙන තිබුණා. එම නිසා අපි දැන් ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයට ජනතාවට ගැටළුවක් නොවී ඔවුන්ගේ ජීවිකාව කරගෙන යාමට හැකි ආකාරයට මෙම ඉඩම් ලබාදීමේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබදව පරීක්ෂාකිරීමට අද පැමිණියේ.

අවස්ථාවාදී කුහක දේශපාලඥයින්ගේ මෙහෙයවීම නිසා මෙම ජනතාව තවමත් අවතැන් කදවුරු වල ජීවත්වීමට සිදුවෙලා තිබෙනවා. නමුත් මෙම වැඩපිළිවෙල වර්ථමානයේ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිළධාරීන්ගේ මැහැදිහත් වීම යටතේ. යුද්ධයේ බැරෑරුම් කම සහ යුද්ධයෙන් පසු ජනතාවට දියයුතු සාධාරණය දන්නා නායකයෙකු අද රට පාලනය කරන්නේ. ඒ තුල තරුණයින්ට අරගල වලින් තොරව තමන්ට අවශ්‍ය දේ දිනාගැනීමේ හැකියාව තියෙනවා. එය ලබාදීමට අපේ රජය ඇපකැප වෙනවා. එදා උතුරේ සිටි ඇතැම් දේශපාලඥයින් කොළඹ සිට මෙහි සිටින අහිංසක දමිළ ජනතාව පාවිච්චි කලා. අද අපි එම දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුලත ජනතාවට ලබාදිය යුතු සහන ලබාදීමට ඇපකැප වෙනවා”යනුවෙන්ද පැවසීය.

මෙම නිවාස ව්‍යාපෘතිය තුල නව නිවාස 56 ක් ඉදිවේ. නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන අමාත්‍යාංශය සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාවට නංවයි. මේ යටතේ එක් පවුලකට පර්චස් 20 ක නොමිල් ඉඩමක් සහ එහි නිවස ඉදිකරගැනීම සදහා රුපියල් ලක්ෂ 10 ක ආධාර මුදලක් රජය ලබා දී ඇත.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Post Views: 17
Previous Post

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ අවධානය

Next Post

නීති විරෝධීව උපයා ගන්නා දේපල හා මුදල් රජය භාරයට ගැනීම් සම්බන්ධ සාකච්ඡාව අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

නීති විරෝධීව උපයා ගන්නා දේපල හා මුදල් රජය භාරයට ගැනීම් සම්බන්ධ සාකච්ඡාව අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved