• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිලෝ මීටර් 13,000 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

9 March 2021
in සංවර්ධන

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝමීටර් ලක්ෂයේ ජාතික වැඩසටහන යටතේ කිලෝ මීටර් 13,000 ක සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (07) දින ගම්පොල, දොරගල පැවති මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඒ අනුව ගම්පොල දොරගල මාර්ග අදියර 1, දිය ඇල හන්දියේ සිට ගල්ගෙඩියාව මහනුවර ගම්පොල ප්‍රධාන මාර්ගය, හිදගල නාරංවිටය මාර්ගය මෙලෙස සංවර්ධනය කිරීම ආරම්භ කෙරිණ. මේ යටතේ සංවර්ධනය වන දුර ප්‍රමාණය කිලෝ මීටර් 20 කි. ඒ සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 524 කි.

මෙම මාර්ග සංවර්ධනය කිරීම තුළින් එම ප්‍රදේශයන්හි කුඩා තේ වතු හිමියන්, එළවළු වගා හිමියන් හා සංචාරක කර්මාන්තය සදහා මහගු පිටුවහලක් ලැබෙනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කර ඇති බැවින් 2024 වනවිට මධ්‍යම අධිවේගයේ වැඩ සම්පුර්ණයෙන් අවසන් කිරීමට හැකි වෙනවා. මේ සංවර්ධනය වේගවත්ව සිදු කිරීමේදී අපිට අමුද්‍රව්‍ය ගැටලු ඇතිවෙනවා. නමුත් අදාළ ආයතන සමග සම්බන්ධීකරනය සිදු කිරීම තුළින් එම ගැටලු විසදා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව සංවර්ධනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන පරිදි ලබා ගැනීම තුළින් මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක හේරත්, උඩ පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධර්මසිරි අගලවත්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මධ්‍යම පළාත් මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.එම්.විජේපාල ඇතුලු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහූ මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 6
Previous Post

රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

editor

editor

Next Post

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved