• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MASඉන්ටිමේට්ස් ආයතනයට ගුරුලේන්තුවක් නිර්මාණය කරන්න රාජ්‍ය ඇමැති ප්‍රසන්න මැදිහත් වෙයි

7 October 2020
in සංවර්ධන

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) ඊයේ (05) දින අමාත්‍යංශයේදී අත්සන් තබන ලදි.

එම ආයතන‌ය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර මහතා සහ අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර යන මහත්වරුන් අතර එය සිදු කෙරිණ.

MAS Intimates (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම තම සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදෙන අතර,මෙවර එහි සාමාජිකයන් 36,000 ක් සදහා ගුරුලේත්තුවක් ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ අනුව අමාත්‍යංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඒවා ලබාගැනීමට සැලසුම් කර ඇත. එමගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරිකර ගැනීමට හැකිවන අතරම, එම මුදල දේශීය කර්මාන්තකරුවන් අතර බෙදීයෑමත්, පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයන් පරිභෝජනයට ජනතාව තුල උනන්දුව ඇතිකිරීමට හැකිවීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි.

මෙමගින් අවශ්‍ය පිරිසිදු පානීය ජලය තම සාමාජිකයින්ට නිවසතුලදීත් සපයා ගැනීමට හැකිවනු ඇත. “දේශීය නිපැයුම් අගයමු” සංකල්පය යටතේ සියලුම සාමාජික සාමාජිකාවන් වෙත නව අවුරුදු තිළිණයක් ලෙස මැටි භාණ්ඩ නිෂ්පාදනයන්ගෙන් ජනප්‍රිය නිෂ්පාදනයක් වන අලංකාර වතුර පෙරණයක් වන ගුරුලේන්තුවක් ලබාදීම මෙවර සමාගමේ අරමුණයි. ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රාමීය නිෂ්පාදකයන්ගෙන් සමාගම විසින් රුපියල් කෝටි හතර හමාරකට අධික වටිනාකමකින් යුක්ත භාණ්ඩ මිලදී ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා, අමාත්‍යාංශ අතිරේක ලේකම් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය, MAS Intimates (PVT) Ltd ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රුවන් කෑරගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 7
Previous Post

ප්‍රතිකාරවලට යොමු වන්නේ නැතිනම් නීතිමය පියවර ගන්නා බව ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

සීදුව ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරී නීතිය

editor

editor

Next Post

සීදුව ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරී නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved