• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යවසායකයින් අඩුම රට අපේ රටයි බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියයි

15 February 2021
in සංවර්ධන

ජනතාව යැපුම් මානසිකත්වයෙන් ඉවත්කොට අපේ රටට අවශ්‍යදේ මෙරටදී නිෂ්පාදනය කලයුතු වන බව වේවැල්, මැටි, පිත්තල, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය(12) දා ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාවට නංවනු ලබන “ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන” වැඩසටහන යටතේ මාතලේ, මාඋස්සාගොල්ල ලාක්ෂා නිෂ්පාදන ගම්මානයේ පොදු පහසුකම් මධ්‍යස්ථානයේදීය.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය “රැකියා විරහිත වැඩි දෙනෙකුගේ අපේක්ෂාව රජයේ රැකියා ලබාගැනීමයි. එය කිරීම කිසිදු රජයකට ලෙහෙසි පහසු නෑ. අපේ රටේ ජනගහනයට අනුව අවම වශයෙන් ව්‍යවසායකයින් 10⁒ ක ප්‍රමාණයක් සිටිය යුතුයි.අවාසනාවකට එය පවතින්නේ 2.4⁒ ක අගයකින්. අසල්වාසී ඉන්දියාවේ එය 17⁒ යි, ජපානයේ 37⁒ යි, ව්‍යවසායකයින් අඩුම රට අපේ රටයි. ජනතාව යැපුම් මානසිකත්වයෙන් ඉවත්කොට අපේ රටට අවශ්‍යදේ මෙරටදී නිෂ්පාදනය කලයුතු වනවා. රජයේ ආයතන මගින් ව්‍යවසායනයින් බිහිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙ වන තෙක් ඒ සෑම ආයතනයකින්ම බිහිකර තිබෙන්නේ එකම ව්‍යවසායකයින් පිරිසක්. අප විසින් නව ව්‍යවසායකයින් පිරීසක් බිහිකල යුතුයි. සාම්ප්‍රධායික කර්මාන්ත 17ක් සහ ක්ෂේස්ත්‍ර 81ක් ඔස්සේ පුහුණු වැඩසටහන් පැවැත් විය යුතුයි. ඒ තුලින් නව ව්‍යවසායකයින් බිහිකර ගැනීම මාගේ අරමුණයි.” යනුවෙන් පැවසීය.

මෙම ශිල්පීන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීමට මාතලේ නගරයෙන් ස්ථානයක් ලබාදෙන ලෙස, උත්සව අවස්ථාවට සහභාගී වූ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ කුමාර දිසානායක මහතාගෙන් රාජ්‍ය අමාත්‍යවරයා කල ඉල්ලීමකට අනුව එතුමා ස්ථානයක් ලබාදීමට මෙහිදී එකගතාවය පලකලේය.

මෙම උත්සව අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසෙකර මහතා, රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා, රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය

Post Views: 7
Previous Post

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

Next Post

O/L විභාගය සඳහා අධ්‍යයන නිවාඩු 17 වනදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

O/L විභාගය සඳහා අධ්‍යයන නිවාඩු 17 වනදා සිට - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved