27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති ෂෙහාන් 2023 Spring Meeting සඳහා සහභාගී වීමට නියමිතයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ හෙට (10) සිට වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත Spring Meeting සඳහා සහභාගී වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම්, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබිණි. ඒ අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, 2023 Spring Meeting සඳහා සහභාගී වීමට නියමිතය

තවද, රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ගිණුමේ ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කරන්නේ, ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සහභාගීත්වය ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මීට සහභාගී වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *