27 April 2024
#සංවර්ධන

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව රාජ්‍ය ඇමතිනී සීතා කියයි

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (11) නැනෝ තාක්ෂණ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (ස්ලින්ටෙක් ආයතනයේ) නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොල මහත්මිය “පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකියි. අනාගත පරපුරට තිරසාර රටක් නිර්මාණය කිරීමේ අඩිතාලම දැමිය හැක්කේ පර්යේෂණ ආයතනයකටයි. රටක් ඉදිරියට යාමට අදහස් කරන්නේ නම් පර්යේෂණ ආයතනයකට අගයක්, මිලක් තීරණය නොකළ යුතුයි. පර්යේෂණ ආයතනයක් තුළින් ගොඩනැගෙන දැනුම ජාතියට දායාද කළ යුතුයි. ඒ දායාද කිරීමෙන් නොනැවතී එම දැනුම අපේ ආර්ථිකය ඉහල තලයකට ගෙන ඒමට, විදේශ විනිමය ඉපයීමට මෙන්ම රටේ මුදල් විදේශ වලට ගලායාම වැළැක්වීමට අඛණ්ඩව යොදාගත යුතුයි. එම දැනුම අවශ්‍ය වන විවිධ අංශවලට වැඩදායී වන ලෙස විවිධ ආයතන සමග හුවමාරු කරගැනීම ඉතා වැදගත් වෙනවා. එය ජාතික වගකීමක් වෙනවා. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉතා වැදගත් වෙනවා.මේ කරුණු ඉටු කිරීම සඳහා ඉදිරියේ දී රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් නායකත්වය ලබා දීමට මම සූදානම්. අපේ පර්යේෂණ ආයතන සහ ජනතාව අතර සමීප බව ගොඩ නැගිය යුතුයි. ඒ සමීප බව තුළින් එම ආයතන තුළ සිදුවන දේ පිළිබඳවත් ඒතුළින් ලබාගත හැකි සේවාවන් පිළිබඳවත් දැනුවත් වීම ඵළදායී වෙනවා.”

”මේ දිනවල අප මුහුණ දී සිටින බැරෑරුම් ගැටළුවක් වන මුහුදු ජලයට තෙල් කාන්දු වීමේ අවදානම වැනි පාරිසරික අවදානම් තත්වයක දී එම තෙල් කොටස් ආරක්ෂිතව වෙන් කරගැනීම සම්බන්ධව SLINTEC ආයතනය කාලයක පටන් පර්යේෂණ සිදුකර තිබේ. ලංකාවේ අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරගන්නා ග්‍රැෆීන් යොදා ගනිමින් මුහුදු ජලයේ ඇති තෙල් ඉක්මනින් සහ කාර්යක්ෂම ලෙස ඉවත් කර ගැනීම පිළිබඳව සිදු කර ඇති ඇති සාර්ථක පර්යේෂණ දැනුම යම් හදිසි අවස්ථාවක දී ප්‍රායෝගිකව අත්හදා බැලීමට සූදානමින් සිටිනවා.“ යැයි රාජ්‍ය ඇමැතිනි වැඩිදුරටත් කියා සිටියාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *