27 April 2024
#දේශීය

කල්මුණේ මුහුදු තීරයේ තෙල් තට්ටු නොමැති බව නාරා ආයතනය පවසයි

සංගමන් කන්දට 20km ක් එහායින් තෙල් නැවේ ඇති වු ගින්න නිසා කල්මුණේ මුහුදුතීරය තුල තෙල් තට්ටු ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පැවසු බව මාධ්‍ය වල පැවසීමෙන් පසු මේ පිළිබදව වහාම පර්යේෂණයක් කර වාර්තා කරණ ලෙස නාරා ආයතනයට අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා කල නියෝගය කර තිබේ.

ඒ අනුව එම ආයතනය කළ පර්යේෂණයෙන් පසු එවැනි කිසිදු වෙනසක් කල්පිටිය මුහුදු තීරයේ මුහුදු ජලය තුල ඇති වී නොමැති බවට එම ආයතනය පවසා සිටීම නිසා කල්මුණේ අවට ධීවරයින්ට තිබු බිය පහ වී ගොස් ඇත.

නාරා ආයතනයේ සභාපති මහාචාර්යය නවරත්න රාජා ඇතුලු නිළධාරින් සමග අමාත්‍යවරයා හදිසි සාකච්චාවක් පවත්වා ගිණිගැනීමට ලක් වු නැවෙන් යම්කිසි සැක කටයුතු ද්‍රව්‍යක් මුහුදු ජලයට මුසු වී ඇත්දැයි සොයා බලන ලෙස උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වු නාරා ආයතනය පෙරියනීලාවනෙයි, ඔලුවිල්, පොතුවිල්, පනාම, තිරුක්කෝවිල් ඇතුලු මුහුදු ප්‍රදේශවල පරික්ෂණ පවත්වන ලදි.මෙම පරික්ෂණ කටයුතු මුහුදු සැතපුම් 32 පුරා සම්පූර්ණයෙන්ම සිදු කර ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් අල්ලාගත් මසුන් පිළිබදවත් සොයාබලා ඇත.නමුත් මුහුදේ හෝ මසුන් තුළ කිසිදු වෙනසක් ඇති වී නැති බව නාරා ආයතන නිළධාරින් ධීවර ජනතාවට කිසිදු බියකින් තොරව සිය ධීවර කටයුතු වල යෙදෙන ලෙස දන්වා ඇත.

මෙම පරික්ෂණ කටයුතු සාර්ථකව ඉටුකිරීම ගැන අමාත්‍යවරයා නාරා ආයතන නිළධාරින්ට ස්තූතිය පුද කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *