27 April 2024
#දේශීය

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ඉන්දීය නාවික හමුදා නෞකාවේ සංචාරයක

කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (05) නිරත විය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද (Gopal Baglay) සහභාගි විය.

INS Kiltan සහ INS Savitri යන නෞකා දෙක කොළඹදී පැවැත්වෙන වාර්ෂික ශ්‍රී ලංකා – ඉන්දියා නාවික අභ්‍යාස (SLINEX) -23 සඳහා සහභාගි වීම සඳහා සඳුදා (03) දිවයිනට පැමිණියහ.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජිතයා සමඟ නෞකා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එම නෞකාවල අණදෙන නිලධාරීන් ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී සිදුකිරීමට නියමිත ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි කළහ.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් (Vikas Sood) ද සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *