• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විජයදාස කියන්නේ බොරු බව ඇමැතිනි පවිත්‍රා කියයි

18 April 2021
in දේශීය

විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව අභූත චෝදනාවන් නැගූ බව බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය.

ඇය ඊයේ (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව අභූත චෝදනාවන් නැගූ බවයි. එතුමා නැගූ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බවත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  “ විජයදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව අභූත චෝදනාවක් නැගුවා. එතුමා නැගූ එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යය බවත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මා ප්‍රකාශ කරන්න කැමැතියි. එතුමා ප්‍රකාශ කළා අපි වැඩ කරන්නේ නැහැ කියලා. පාන්දර සිට රාත්‍රිය දක්වා සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මා වැඩ කරනවා.”

“සෞඛ්‍ය අමාත්‍යාංශය, කොරෝනා මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය සහ රජය ඉතාම වෙහෙස මහන්සිවෙලා කටයුතු කරලා අද වන විට කොවිඩ් – 19 මර්දනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව සිදු කරනු ලබනවා. කොවිඩ් – 19 සම්බන්ධයෙන් අද ලෝකයේ 03 වන රැල්ලක් මතුවෙලා තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ දිනකට ලක්ෂ 02 වැනි රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව හමුවෙනවා. මිලියන ගණනක් ලෝකය පුරා මරණයට පත් වෙනවා. අපේ කළාපයේ සියයට 63 ක කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වැනි සෑම රටකම සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය වර්ධනය වෙනවා. මරණ සංඛ්‍යාව ඉහළ යනවා. අපි වෙහෙස මහන්සිවෙලා කටයුතු කරන නිසා අද ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව ඉතාම අවම කර ගැනීමට හැකිව තිබෙනවා. ප්‍රතිකාර ලබා සුවපත් වෙලා ගම්බිම් බලා යන පිරිස ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස අප කටයුතු කරගෙන යන විට එසේ කටයුතු නොකරන බව පැවැසීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂය ඔය ආකාරයෙන්ම චෝදනා කළා කොවිඩ් – 19 සම්බන්ධයෙන් අපේ එන්නත්කරණ වැඩසටහන අසාර්ථකයි කියලා. අපි එන්නත්කරන වැඩසටහනත් සාර්ථකව සිදුකරගෙන යනු ලබනවා.”

“විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය බෝඩ් ලෑලි වලට සමානයි කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශවලට විෂයන් වෙන් කරලා තිබෙනවා. එම විෂයන්ට අදාල කටයුතු රාජ්‍ය අමාත්‍යවරුන්ට ගැසට් කරලා තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ආයතන, සෞඛ්‍ය දෙපාර්තමේන්තු ඇතුලු ආයතන 14 ක් ගැසට් කරලා තිබෙනවා.” “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම සාර්ථකව සංවිධානය කරලා නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට විපක්ෂය ඉතාම සංවිධානාත්මකව ඉස්සර කාලේ කළා වගේ මඩ ප්‍රචාර, මඩ ගැසීම්, බොරු චෝදනා එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා. අද තුනෙන් දෙකක බලයක් සහිතව රජයක් බලයට ගෙන්න පක්ෂයක් නිර්මාණය කළ බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙලෙස මඩ ගහන්නේ අපේ රජය දුර්වල කරන්න සහ අපව දුර්වල කරන්න. අපි විජයදාස රාජපක්ෂ මැතිතුමාට සදහන් කරන්න ඕන ඔබතුමා දේශපාලනඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කර බලන්න. අපේ පක්ෂය ඇතුලේ මෙන්ම රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කර, එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කර දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදවු කරන ඉතාම බලවත්, ධනවත්, රාජ්‍යයයන් අපේ රටත් සමග බේදභින්න කරන්න ඔබතුමා නිරර්ථක උත්සාහයක යෙදෙනවා. වෘත්තිකයෙක් විදිහට ඔබ කරන මේ කටයුත්ත හරිද කියලා කල්පනා කරන්න. ඔබතුමාගේ තිබෙන පෞද්ගලික කොන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක්.”

 

 

Post Views: 5
Previous Post

කොළඹ වරාය නගර තුළත් ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය නීතිය බව ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් කියයි

Next Post

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා – අධිකරණ ඇමැති අලි සබ්‍රි 

editor

editor

Next Post

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා - අධිකරණ ඇමැති අලි සබ්‍රි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved