• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගර තුළත් ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය නීතිය බව ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් කියයි

17 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරය තුළ කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පැවසුවේ රුක්මලේ, පන්නිපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයට ගොස් ශ්‍රී මහා විහාරවංශාලංකාර විමල කීර්ති ශ්‍රී ධම්මාලොක ආචාර්ය ඉත්තෑපනේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව උන්වහස්සේට කරුණු පහදා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ සමඟි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පිරිස් කිසිදු පදනමකින් තොරව අද වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ ව බොරු ප්‍රචාර පතුරුවනවා. මේ වනවිට පෙත්සම් 20ක් පමණ ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අයට අමතක වෙලා ඒ අයගේ කාලෙයේ කරපු දේවල් මොනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත් වුණු ගමන් ම නොඑසේ නම් මාස 3ක් 4ක් වගේ කාලයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා “මහකොළඹ ආර්ථික කොමිෂන් පනත”. එතුමා දැඩිව විශ්වාස කළා ඒ පනත රටට අත්‍යාවශ්‍ය යි කියලා. ඊට අනුව, ඒ අදාළ ප්‍රදේශවලට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත්වලට කිසිම වලංගුතාවයක් තිබ්බේ නැහැ. මහකොළඹ ආර්ථික කොමිෂන් සභාවට පූර්ණ බලතල ලබා දීලා තිබුණේ. බියගම, කටුනායක, සීදූව ප්‍රදේශ සම්බන්ධ මේ කොමිසමට තමයි පූර්ණ බලතල ලබා දුන්නේ. බදු අය කරලා ඒ බදු ඒ අයගේ අරමුදල්වලට දමන්නට අවස්ථාව දුන්නා. මොන ජාවාරමක් කරල වුණත් කවරාකාරයෙන් මුදල් හම්බකරලා වුණත් මොන ජාතියේ සල්ලි වුණත් තමන්ගේ ගිණුම්වලට දාගන්න පුළුවන් විදියට පනත ගෙනැත් තිබුණේ. එහි රහසිගතභාවය උල්ලංඝනය කළ ඕනෑම කෙනෙක්ව හිරේ දාන්න පුළුවන්. කිසියම් ගැටලුවක් ඇතිවුණොත් ඊට විරුද්ධව තීරණයක් ගැනීමට අධිකරණයට බලයක් තිබුණේ නැහැ. ඒ 1978 ජේ.ආර්.ජයවර්ධන ජනපතිතුමා ගෙනාපු පනත.

මේක තවදුරටත් සංවර්ධනය කරලා 1992 ආර්.ප්‍රේමදාස මහතා මේ කොමිසමට තවත් බලතල ලබා දෙනවා. ඉස්සර කිවුවේ ‘මහකොළඹ ආර්ථික කොමිෂන් සභාව’ කියලා. පසුව එය ආයෝජන කොමිෂන් සභාව වුණා. කිසිම තහනම් නියෝගයක් එම කොමිසමට විරුද්ධව කිසිම අධිකරණයකින් ලබා දෙන්නට බැහැ. ඊට එරෙහිව අධිකරණයට තිබුණු සුළු බලය පවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ අහෝසි කළා.

වර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.

එමෙන්ම අපි සියලු දෙනා දන්නවා රජයට ආදායමක් අවශ්‍ය බවත් ඒ ණය ලබා ගැනීම හෝ එසේත් නොමැතිනම් බදු වැඩි කිරීමයි. එවිට ජනතාවට තව තවත් බර පැටවෙනවා. ඒ නිසා එහිදී අපට ඉතිරිවන අනෙක් විකල්පය තමයි ආයෝජනය. ඒ සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගත යුතුයි. නමුත් අපි දන්නවා 2018-2019 කාලයේ ආයෝජන තිබ්බේ නැහැ. අපේ රජය මේ කරන සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලබවත් මෙම කෙටුම්පතට නිතිපතිවරයා විසින් ඒ බව සහතික කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා‍ දුන්නා.

Post Views: 6
Previous Post

කොවිඩ් එන්නත ප්‍රවර්ධනයට එක්වු දෙමළ නළු හෘදයාබාධයකින් මියයයි

Next Post

විජයදාස කියන්නේ බොරු බව ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

විජයදාස කියන්නේ බොරු බව ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved