• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුළු ජාතීන්ගේ විශ්වාසය කඩන්න එපා – ඇමැති රිෂාඩ් ජනපතිට කියයි

6 August 2018
in දේශීය

පසුගිය ආණ්ඩු සමයේ සුළු ජාතිකයින් කොන් කිරීමේ උත්සාහයක් පැවැති බවත්,එම තත්වය නැතිකිරීමේ අරමුණින් මෙරට සුළු ජාතීන් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති කරවීමට උපරිම අයුරින් කැපවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පොලොන්නරුව තම්පාලේ හිලාල් පුරහි අලුතින් ඉදිකරන ලද ජුම්මා පල්ලිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘මේ “පිබිදෙමු පොලොන්නරුව“ සංවර්ධන වැඩසටහනට සුලු ජාතිකයින් සම්බන්ධ කරගැනීම පිළිබඳ ගරු ජනාධිපතිවරයාට අපි ස්තූති වන්ත විය යුතුයි.මේ සම්බන්ධකරගැනීම හරහා ඔබ කෙරෙහි සුලු ජාතිකයින්ගේ විශ්වාසය තවත් වැඩිවුනා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ජනාධිපතිවරයාත් ,අග්‍රාමාත්‍යවරයාත් විසින් මේ ගෙනයන යහපාලන ආණ්ඩුව තුල සිංහල ,දමිල ,මුස්ලිම් ජනතාව බියෙන් සැකෙන් තොරව සහයෝගයෙන් ජීවත් වෙනවා.අපි මේ පාලනය බිහිකරල බලාපොරොත්තු වුනෙත් මේ සහජීවනයයි. අපි ලබාගත් මේ නිදහස රැකගන්න අපි කැපවෙනවා. ගරු ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ සමානාත්මතාවය ,යහපාලනය දිගටම පවත්වගෙන යන්න කියලා. මේ රටේ සුලු ජාතීන් ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය මොනම අයුරකින්වත් කඩ කරන්න එපා කියල මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. “ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවති අතර නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,ඇතුලු පිරිසක්ද මේ උත්සවය සඳහා සහභාගී විය.

Post Views: 8
Previous Post

2050 දී කාලගුණය නිසා ලංකාවට මොකද වෙන්නේ ?

Next Post

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

editor

editor

Next Post

විරාට් කෝලි ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved