• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

19 September 2018
in ව්‍යාපාර

පසුගියදා රුපියල් පහකින් ඉහල දමන ලද පාන් ගෙඩියක මිල ,විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවැති සුබවාදී සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුලදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පහත හෙලීමට තම සංගමය තීරණය කල බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අමාත්‍යාංශ නිළධාරීන් සමග අමාත්‍යංශයේදී සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා, “ අද (19) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අපේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුනා.එහිදී එතුමා අපිට ඉහල දැමූ පාන්පිටි මිල එම සමාගම් සමග සාකච්ඡා කරලා නැවත පෙර පැවැති මිලටම අරන්දෙන්නම් කියලා කිවුවා.එතුමා ඒ සමගම අපෙන් ඉල්ලාසිටියා පසුගියදා රුපියල් පහකින් ඉහල දැමුනු පාන් ගෙඩියක මිල නැවත අඩුකරන්න කියලා.අපි ඇමතිවරයට පොරොන්දුවුනා පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩුකරනවා කියලා.අපි බේකරි කර්මාන්තයේදී මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන්ද එතුමා අපි සමග ඉතා සුහදශීලිව කතාබහකලා අපි මුහුනදෙන ගැටලු සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමුවුනා.

අමාත්‍යවරයා අපිට හෙට පිටිමිල රුපියල් පහකින්  අඩුකරල දුන්නොත් අපි කැමතියි අනිද්දා ඉඳලා පාන්ගෙඩියක මිලත් රුපියල් පහකින් අඩුකරන්න.අපි විශ්වාස කරනව අමාත්‍යවරයා අපිට වුනු පොරොන්දුව ඉටුකරයි කියලා. 

Post Views: 4
Previous Post

ජනපති දුවට ITN දොර වැසේ 

Next Post

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් – එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට යළිත් විශිෂ්ඨ ජයක් - එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved