• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ වියදම් කරන්නේ ක්‍රිකට් හරහා උපයන මුදල්වලින් බව ඇමැති රොෂාන් කියයි

19 June 2022
in දේශීය

ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයාගන්න මුදල් තමයි මේ රටට යොදවලා තිබෙන්නේ බවත් අනුග්‍රාහකයින්ගෙන්, මාධ්‍ය අනුග්‍රහයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන මුදල් වලින් තමයි මෙවැනි සුවිශේෂී කාර්යභාරයන් සිදු කරන්නේ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය 17 වන දා උදෑසන දළදා වහන්සේ වැද පුදාගෙන මල්වතු අස්ගිරි නායක හිමිපානන්වහන්සේලා බැහැ දැක අවවාද උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” වත්මන් පීඩාකාරී තත්ත්වය තුල ජනතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා දෙන ජයග්‍රහණ ඉතා ලොකු සහනයක් වෙනවා. තරග ජයග්‍රහණ තුළ රටේ ජනතාවගේ ලොකු පිබිදීමක් තිබෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන් මම සතුටු වෙනවා. පහුගිය කාලේ අපි දැක්කා දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න යද්දි යම් යම් මත ආවා. දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න හැදුවේ රජයේ මුදල් වලින් නොවෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින්. ඔවුන්ගේ මුදල් ක්‍රීඩාවේ සංවර්ධනයට තමයි යොදවන්නේ. දියගම ක්‍රීඩාංගණය අපි හැදුවානම් 2030 ලෝක කුසළානය අපේ රටේම පවත්වන්න පුලුවන් කම තිබුණා. දැන් යන විදියට ඉංදියාවයි ලංකාවයි එකතුවෙලා තමයි ඒක කරන්න වෙන්නේ. කොයිවෙලෙත් අපි මතක තබා ගත යුතු කාරණයක් තිබෙනවා. මේ මොහොතේ ඕස්ට්‍රේලියානු සංචාරය හරහා අපිට රුපියල් මිලියන 1000 කට ආසන්න මුදලක් ලැබෙනවා. එය ඩොලර් මිලියන තුන හමාරකට ආසන්න මුදලක්. මේ ඩොලර් මිලියන තුන හමාරෙන් මිලියන තුනක්ම ලැබෙන්නේ අපේ රටේ හෝටල් කර්මාන්තයට, ප්‍රවාහන කර්මාන්තයට, විදුලිබල මණ්ඩලයට වැනි සේවා සපයන ආයතන විශාල ප්‍රමාණයකට. මේ හරහා ඔවුන්ට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාතික ආර්ථිකයට පිටරට මුදල් එනවා. මෙවැනි අසීරු අවස්ථාවක අපි දකින විශේෂත්වය එයයි. අනෙක් ක්‍රීඩාත් මෙලෙසම සේවා සපයන මධ්‍යස්ථාන බවට පත් කරලා එම ක්‍රීඩා සංගම්වල නායකයින් මහන්සි වෙනවානම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් උපයනවා වගේ ඔවුන්ටත් මුදල් උපයා ගත හැකි වෙනවා. මේ රටේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට යොදවලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයාගන්න මුදල් තමයි මේ රටට යොදවලා තිබෙන්නේ. අනුග්‍රාහකයින්ගෙන්, මාධ්‍ය අනුග්‍රහයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන මුදල් වලින් තමයි මෙවැනි සුවිශේෂී කාර්යභාරයන් සිදු කරන්නේ. මගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේ රටට බෙහෙත් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන දෙකක් ඩොලර් වලින්ම ලබාදෙන්න කටයුතු කළා. ඒ වගේම මළල ක්‍රීඩා සදහා විදේශ ගත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගයක් දක්වන්න, විදේශීව පුහුණුව ලබන දක්ෂයින් සදහා සහයෝගය ලබා දෙන්න ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදලට රුපියල් මිලියන 100 ක් ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. එල්.පී.එල්. තරගාවලිය හරහා මේ රටට, ක්‍රිකට් ආයතනයට ආදායමක් ලැබෙනවා මිසක් රටේ මුදලක් වියදම් වේනේ නැහැ.එය පැහැදිලිව තේරුම් ගන්න. යම් යම් කණ්ඩායම්, සමහර මාධ්‍ය හසුරවන්නන් නිසි අවබෝධයක් නැතිව මේ සම්බන්ධව ජනතාවට කරුණු දක්වන්න යනවා. එමගින් මෙම තරඟාවලි සදහා රජයේ මුදල් වියදම් වෙනවා වැනි වැරදි අවබොධයක් ජනතාව අතර ගොඩනැගෙනවා. එසේ කරන්න එපා කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් සහභාගී වෙනවා ඔවුන් වෙත ගෙවීම් කරන්නේ ඒ කණ්ඩායම් භාර ආයතන වලින් හා එල්.පී.එල්. තරගාවලිය මෙහෙයවන ආයතනය මගින් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 14
Previous Post

දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවන්න – විපක්ෂනායකගෙන් ඉල්ලීමක්!

Next Post

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved