27 April 2024
#දේශීය

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (19) සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් හා මුර සංචාර සිදු කරනු ලබයි.

මෙම කේරළ ගංජා ‍තොගය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා පලා යන්නට ඇතැයි විශ්වාස කරයි.

තවද, මේ වන විට උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ නාවික හමුදාව වැඩිදුර සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උඩප්පුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *